දේශීය පුවත්

MCC ගිවිසුම රටේ න්‍යාය පත්‍රයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කළ යුතු බව එ.ජා.ප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ , ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාට සහය පළ කළ ජනතාවට ස්තූති පළ කිරීමේ ජන හමු මාලාවේ අද දොම්පේ ප්‍රදේශයේ පැවති ජන හමුව අමතමිනි.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, MCC ගිවිසුමට අමතරව අනෙකුත් යෝජිත වෙළෙඳ ගිවිසුම් ද අහෝසි කළ යුතු බවත් ඒ සඳහා සිය පූර්ණ සහාය දෙන බවත් ය. ගිවිසුම විසිකරලා දානවා කිවුවා.ඔය 70 වේ 30 කථාවට නෙවෙයි ජනතාව ඡන්දේ දුන්නේ. මැතිවරණ ව්‍යාපාරය තුල මමවත් දන්නේ නෑ.

මමත් විරුද්ධ වුණ මේ ගිවිසුම අනුමත කරන්නට අපේ යම් කණ්ඩායමක් මැතිවරණ ව්‍යාපාරය තුල කටයුතු කලා.අපි දරණ මතය තමයි MCC සම්පුර්ණයෙම්ම රටේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කරන්න. ඒ ගිවිසුමට අමතරව තවත් ගිවිසුම් ගණනාවක් තියෙනවා. ඒ ගිවිසුම් ටිකත් අහොසි කරන්න වෙළද ගිවිසුම් ටිකත් හොද නෑ කිවුවා. මම කියනවා ඒ වෙළද ගිවිසුම් ටිකත් අහොසි කරන්න. අපේ පුර්ණ සහාය දෙනවා ඔය හැම ගිවිසුමක්ම කෑලි කෑලිවලට ඉරලා දමන්න කියලා තමයි 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ. අපි අපේ සහාය දෙන්නම් බඩු මිල අඩු කරන්න . මොකද එකත් ජනතාවට දුන්න පොරොන්දුවක් දැන් පොරොන්දු ඉෂ්ට කරන කාලයක් ඇවිල්ලා තියෙන්නේ”

මෙහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More