දේශීය පුවත්

ජාති, ආගම්, කුල භේදයකින් තොරව ශී‍්‍ර ලංකාවේ විවාහ වීමේ අවම වයස් සීමාව පැනවීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

පෞද්ගලික මන්තී‍්‍ර පනත් කෙටුම්පතක් ලෙස කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) විසින් එය ඉදිරිපත් කර තිබේ.

විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 ක් වන අතර එම සීමාව සම්පූර්ණ නොකර සිදුකරන විවාහ වලංගු නොවිය යුතු බව කෙටුම්පත මගින් දක්වා ඇත.

කන්ද උඩරට විවාහ හා දික්කසාද නීතිය යටතේ සිදුවන විවාහ හා ඉස්ලාම් ආගම් අදහන තැනැත්තන් අතර සිදුකරන විවාහ ඇතුළු ඕනෑම විවාහයක් මෙම නීතියට යටත් වන බවද එහි දක්වා ඇත.

මෙම වයස් සීමාව සම්පූර්ණ කිරීමට පෙර සිදුකරන විවාහ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමටද එමගින් යෝජනා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More