ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වූ ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන දේශීය පරීක්‍ෂණ මිස ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම රජය එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කර ඇත.
රහස් පොලිසිය පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ කෙසේද කියා උපදෙස් දීමට ස්විස් රජයට අයිතියක් නැහැ. විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් දින ගණනාවක් තිස්සේ දිවා රෑ නොබලා රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ප‍්‍රශ්න කරද්දී ස්විස් රජය මානව අයිතීන් ගැන කතාකළේ නැහැ යයි එම ආරංචි මාර්ග කියා සිටියේය.
මෙම ස්විස් සේවිකාවට අදාළ සිද්ධිය පසුබිමේ සිටින අය හෙළිකරගන්නා තුරු පරීක්‍ෂණ නොකඩවා පවත්වනවා. සී.සී.ටී.වී. කැමරා 17 ක් වෙතින් ලබාගත් තොරතුරු වලින් ඇය පැහැරගත් බව කියන සිද්ධිය බොරු බව තහවුරුවී තිබෙනවා යැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...