දේශීය පුවත්

බහුතරයක් නැතිවීම හේතුවෙන් බලය බෙදීම කළ නොහැකි බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය පිළිගත නොහැකි බව පවසන දෙමළ ජාතික සන්ධානය ජාතික ගැටළුවට විසඳුමක් ලෙස සුළු ජනතාව කවර විසඳුමක් ඉල්ලන්නේද එය ලබාදිය යුතු බව අවධාරණය කරයිත‍.

එම සන්දානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් පසුගියදා යාපනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ එවැනි ප්‍රකාශයක් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දමිළ ජනතාව ඡන්දය දීමෙන් වැලකීම ඉතා සාධාරණ බවත් එබැවින් ජනාධිපතිවරණයේදී දමිළ ජනතාව ගත් තීරණය නිවැරදි බව ද කියා සිටියේ.

මේ පිළිබඳව අදහස් දැක්වු මන්ත්‍රිවරයා මෙසේද කීය
‘‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලය බෙදීම සිදුකළ නොහැකි බවට විවෘතවම ප්‍රකාශ කර තිබෙන බැවින් ඔහුට සහයෝගය ලබාදුන් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ඇතුළු පිරිස් තමන්ගේ මුහුණ කවර තැනක සඟවා ගන්නේ ද ඔවුන් තමන්ගේ ධූරවලින් ඉවත් වන්නේ ද?
යුදද්ධය අවසන් වූ වහාම එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරයට පොරොන්දු වූයේ උපරිම බලය බෙදීමක් සිදු කරන බවයි. ඔහු එම පොරොන්දු ලබාදී ජාත්‍යන්තරයෙන් විශාල වශයෙන් උපකාර ලබා ගනු ලැබුවා. එම පොරොන්දුව මේවනතෙක් ඉටු වී නෑ. ඒ අතර ඔහුගේ සහෝදරයා අද බලය බෙදිය නොහැකි බව පවසනවා.

රටේ බලය කේන්ද්‍රගතව පැවතීැතීමෙන් යහපතක් සිදුවන්නේ රටේ බහුතරයන්ට පමනයි. ජාතික ගැටළුවට විසඳුම් ලෙස සුළු ජනතාව ඉල්ලනු ලබන විසඳුම් ලබාදිය යුතුයි. ඔවුන්ගේ අතින් සුරැකෙනු ලබන්නේ එමගින් පමණයි. අප මේ ආකාරයට මර්දනය කරමින් ආණ්ඩු කරන ගෙන යනවා. ආණ්ඩු පාර්ශ්වයන්ට සහයෝගය දෙනු ලබන අපගේ නායකයන්ටත් මේ අවස්ථාවේ අපේ විරෝධය ප්‍රකාශ කරනවා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More