කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙට(19) දිනය දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන අවේය.
පසුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.
හිටපු අමාත්‍යවරයාට එරෙහි චෝදනා වන්නේ නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...