දේශීය පුවත්

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී අද පස්වරුවේ හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ගන්නා ලදී.

රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

නොසැලකිලිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරිම හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More