දේශීය ව්‍යවසායකයා ආරක්ෂා කිරීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මේ රටේ ස්වදේශීය ව්‍යාපාර හා කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.
බදු ප්‍රතිපත්තිය ස්වදේශීය ව්‍යාපාරිකයා හා ව්‍යවසාකයාට අනුව මිසක් ලෝක වෙළඳ සංවිධානයකට හෝ වෙනත් ආයතනයකට අවශ්‍ය පරිදි නොවන බවත් පැවසු වීරවංශ මහතා, මේ රටේ වෙළඳ පොළ වත්මන් ජනාධිපතිවරයා විසින් ආරක්ෂා කළ බවත් පැවසීය.
ඔහු හඳුන්කූරු ගෙන්වීම නැවැත් වු බවත්, පිච්චමල් පවා පිටරටින් ගෙන්වන තත්ත්වයට ලංකාව පත්ව සිටි බවත් පැවසු වීරවංශ මහතා, දේශීය ව්‍යවසායකයා නඟා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය කරන තීරණයක්ම ගන්න අනිවාර්ය වගකීමක් ඇති බවත් කියා සිටියේය
දකුණු පළාත් විශිෂ්ටතම ව්‍යවසාය සම්මාන උළෙල 2019
ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2019 දකුණු පළාත් විශිෂ්ටතම ව්‍යවසාය සම්මාන උළෙලේ විශේෂ අවස්ථා
Gepostet von Wimal weerawansa am Dienstag, 17. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...