දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ මේ වන විට පවතින අභ්‍යන්තර අර්බුදය පාර්ලිමේන්තුවේදී එලියට එමින් තිබේ. පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළ ඊ. සරවනබවන් මහතා ප්‍රකාශ කළේ තම මන්ත්‍රිවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අල්ලස් ලබාගත් බවට සිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා කරනු ලබන චෝදනා අසත්‍යබවයි.
මේ කාරණය වරප්‍රසාද කමිටුවට යොමුකරන ලෙසටද ඒ මහතා කථානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කරන ලදී. මෙහිදී නැගී සිටි සිවශක්ති ආනන්දන් මහතා ප්‍රකාශ කළේ අයවැයට පක්ෂව ඡන්දය දීම සඳහා මුදල් ලබාදුන් කාරණය සත්‍යක් බවයි.

මේ අවස්ථාවේ නැගී සිටි එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයාත් සරවනබවන් මන්ත්‍රිවරයාත් සිවශක්ති ආනන්දන් මහතාට දොස් නැගූ අතර ආනන්දන් මහතාද පෙරලා දොස් නැගුවේය. මෙම බහින්බස් වීම නිසා මැතිසබය තුල ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More