අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් සිදුව තිබේ.
අද(18) පෙරවරුවේ පැවති මෙම හමුවේදී චීන රජය ශ්‍රී ලංකා රජයත් සමඟ එක්ව මෙරට තුළ සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳ චීන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන් වෙයි.
එමෙන්ම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අනාගත ව්‍යාපෘතීන් පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
මේ අතර මෙරට ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින්දු මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සිදුකළ ඉන්දියානු සංචාරයෙන් අනතුරුව දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා වන අංශ ගණනාවක් සම්බන්ධයෙන් එම හමුවේදී අවධානය යොමුව ඇති බව සඳහන් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...