දේශීය පුවත්

පාඨලි ,රාජිත හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට නීතියෙන් පැන යාමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩුව මෙන් ඒ සදහා නීතිය නැමීමට වත්මන් ආණ්ඩුව සුදානම් නැති බවත් පවතින නීතිය යටතේ මේ සම්බන්ධව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට නීති අංශ කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරබ බවද ඇමතිවරයා අවධාරණය කළේය.

අද (18) උඩුගම්පල දි මාධ්‍ය අමතමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

පාඨලි චම්පික ඇමතිවරයා විකෘති මානසික තත්ත්වයෙන් පෙළෙන්නෙකු බව පැවසු රණතුංග මහතා ඔහුට සමීප කාන්තාවකගේ උවමනාවට තමුන්ට එරෙහිව ද නඩුවක් පැවරු බව හෙළි කළේය.

තමන් පදංචිව සිටින නිවස රජයට අයත් බව පවසා පසුගිය වසරේදි නඩුවක් පැවරු බවත් එම නඩුව නාගරික සංවර්ධන අධිකාරිය හරහා පැවරුණු බවත් රණතුංග මහතා පැවසීය. එම නඩුව පැවරීම පිටුපස සිටියේ පාඨලි චම්පික ඇමතිවරයා බව පෙන්වා දුන් රණතුංග මහතා පාඨලි ඇමතිවරයාට අවශ්‍ය වුයේ තමන්ගෙන් පළිගැනීමට බව ද කීවේය.

යහපාලන ආණ්ඩුව යහපාලන වචනයට මුවාවී ගෙන ගියේ ජඩ දේශපාලනයක් බවත් පාඨලි , රාජිත යන ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප ඊට හොඳම උදාහරණ බවත් පෙන්වා දුන්නේය.

රටක නීතියක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරය පසුගිය ආණ්ඩුව සමයේ නීතිය වල් වැදි තිබු බවත් පාඨලි චම්පිකලාට රාජිත සේනාරත්නලාට අවශ්‍ය පරිදි නීතිය නැමුණු බවත් පැවසීය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ රට තුළ විනය හා නීතිය යළි ස්ථාපිත වෙමින් පවතින බව ද රණතුංග මහතා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More