දේශීය පුවත්

රතන හිමි FCIDයට

December 18, 2019 3:08 pm | Lanka Lead News

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද(18) පෙරවරුවේ පැමිණියේය.

ඒ බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීමට සහ අදාළ කටයුතු විධිමත් අයුරින් යළි ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද පෙරවරු 10.30ට පමණ පැමිණියේය.

මෙහිදී අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, හීරා ෆවුන්ඩේෂන් නැමති ආයතනය නමින් හිස්බුල්ලා මහතා විසින් ඉඩමක් ලබා ගත් බවත්, එහි නොමිලේ තාක්ෂණික අධ්‍යාපනය ලබා දීමට සුදානමින් සිටි බවයි.

පසුව බැටික්ලෝ පර්යිවට් කැම්පස් ලිමිටඩ් ආයතනයට පවරා ගන්නා බවත් පැවසු උන්වහන්සේ, එය නීතිවිරෝධි බවත් එයට මුදල් ලබා ගත් ආකාරයත් නීති විරෝධී බව පැවසීය.

මෙහි මුදල් අවභාවිතය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත්, ඉඩම් ලබා ගත් ආකාරය පිළිබඳව ද ගැටළුවක් ඇති බව පැවසු රතන හිමියන් මුදල් ලබා දුන් ආයතනවල අභිප්‍රායන් පිළිබඳව ද ගැටළුවක් ඇති බව සඳහන් කළේය.

මෙම විශ්වවිද්‍යාලය පෙර දී තාක්ෂණික විශ්වවිද්‍යාලයක් බව පෙර දී සඳහන් කළ ද අද වන විට මෙය කලා පීඨයක් නැතිනම් ෂරියා නීතිය ඉස්ලාම් දහම උගන්වන තැනක් බවට පත් කරමින් මුලධර්මවාදී විශ්වවිද්‍යාලයක් සැකසීම සැලැස්ම බවත් රතන හිමියන් කියා සිටියේය.
Derana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More