හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආරම්භ කළ විශේෂ ව්‍යාපෘති 20ක් නියාමනය කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්යාලයීය අතිරේක ලේකම්වරුන් 18 දෙනකු පත් කර සිටි බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබන පරීක්ෂණයකදී හෙළිවී තිබේ.
එම සියලු ව්‍යාපෘතිවල මුදල් ස්මාර්ට් ශ්‍රී ලංකා නමින් එක් ප්‍රධාන ව්‍යාපෘතියට අවසානයේ යොදවා ඇති බවද වාර්තා වේ. යොදවා ඇති සම්පූර්ණ මුදල රු. ලක්ෂ 5000කි. ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් අවසානය දක්වා ක්‍රියාත්මක නොකර අතරමග නතර කොට ඇති බවටද තොරතුරු හෙළි වී ඇත.
ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට ප්‍රචාරය ලබා ගැනීම සඳහා දිවයින පුරා සවි කළ දැවැන්ත ප්‍රචාරක කටවුට් සඳහා පමණක් රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් වැය කොට ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...