දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රි බෙවන් පෙරේරා තමාව මරා දැමීමට අපරාධ කල්ලියකට කොන්ත්‍රාත්තුවක් ලබාදීම පිළිබඳව තමා විසින් පොලිසියට කරන ලද පැමිණිලි පසුගිය ආණ්ඩුව සමයේ යට ගසනු ලැබූ බව ලෝක ශූර මෝටර් රථ ධාවකයකු වන ඩිලන්ත මාලගමුව මහතා පවසයි.

ස්විස් තානාපති කාර්යාල සේවිකාවගේ ප්‍රශ්ණයේදී නම සඳහන් වුණේ බෙවන් පෙරේරාගේ පුත්‍රයාගේය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමා ඝාතනය කිරීම සඳහා ලබාදුන් ආයුධය භාවිතයෙන් මාතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකා ඇති බවයි.

ඝාතන කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයා එම සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වෙන අතරතුර පොලිස් වෙඩිපහරට ලක්ව මියගොස් ඇතැයිද පැවැසූ මාලගමුව මහතා වැඩිදුරටත් කියා සිටියේ, එකී සැකකරු මිය යෑමට පෙර ඒ සම්බන්ධයෙන් විස්තර පවසා ඇති බව උසස් පොලිස් නිලධාරියකු තමා වෙත දැනුම් දුන් බවයි.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අක්කර 965ක වතුයායක් කල්බදු පදනම මත වසර 50ක් සඳහා තමා ලබාගෙන තිබූ බවත් එම වතුයාය නීති විරෝධීව බෙවන් පෙරේරා විසින් පවරා ගැනීමට සැලසුම් කළ සමයේ මෙලෙස ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More