දේශීය පුවත්

පිටි මිල අඩු කළාට GMO විරෝධය

December 18, 2019 12:50 pm | Lanka Lead News

පාන් පිටි ආනයන බදු අඩු කිරීමට ආණ්ඩුව ගත් තීරණයට අගමැති මහින්ද රාජපක්ෂ හමුවේ දැඩි විරෝධය පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

විරෝධය පළ කර ඇත්තේ එම සංගමයේ නිලධාරීන් අගමැතිවරයා සමග පෙරේදා (16 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවේ දී ය.

පාන් පිටි නිෂ්පාදන සම්පූර්ණයෙන් ම පාසල් ආපනශාලාවලින් ඉවත් කළ යුතු බවට ද මෙහිදී යෝජනා කර ඇත. තිරිඟු ඇට පිටි කිරිමෙන් පසු සත්ව නිෂ්පාදන සඳහා යොදා ගන්නා කොටසට තවත් රසායන ද්‍රව්‍ය දෙකක් මිශ්‍ර කර මෙරට පාරිභෝජනය සඳහා එවන බව අගමැතිවරයාට පෙන්වා දුන් බවත් අනුරුද්ධ පාදෙණිය පවසයි.

බෝ නොවන රෝග ව්‍යාප්ත වීම සඳහා පාන්පිටි භාවිතය බෙහෙවින් ඉවහල් වන ප්‍රකාශ කර ඇති සභාපතිවරයා පාන්පිටි ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කිරිමේ අවශ්‍යතාව ද අගමැතිවරයා හමුවේ පැවසූ බවත් සඳහන් කළේය. පාන්පිටි වෙනුවට සහල් පිටි, ධාන්‍ය හා අල වර්ග පාරිභෝජනය කිරීමේ රටාවකට ජනතාව හුරු කළ යුතු යැයි ද අනුරුද්ධ පාදෙණිය පැවසීය.

පාන් පිටි කිලෝවක ආනයන බද්ධ රුපියල් 28කින් අඩු කිරීමට ආණ්ඩුව මේ වන විට පියවර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More