විදේශ පුවත්

අමෙරිකාවේ සෙනට් සභාව නෝර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතිය නැවැත්වීමේ අවසාන ප්‍රයත්නය ලෙස 2020 ජාතික ආරක්ෂක අධිකාරී පනත සම්මත කරගෙන ඇත. පනතට පක්ෂව ඡන්ද 86ක්ද විපක්ෂව ඡන්ද 8ක්ද ලැබුනු අතර සෙනෙට් සභිකයන් හය දෙනෙකු ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.මෙම පනත මගින් නෝර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතියට සම්බන්ධවී සිටින ඉදිකිරීම් සමාගම් ඇතුලු විවිධ සේවා සපයන සමාගම් වලට සම්බාධක පැනවෙන අතර එමගින් ව්‍යාපෘතියේ කටයුතු අඩාල කිරීම අමෙරිකාවේ අරමුණවී තිබේ.

නෝර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතියට දැඩිව එරෙහි වන සෙනෙට් සභිකයන්ගේ මතය වී ඇත්තේ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිදහස් ලෝක ජනයාගේ කරපිටින්  තව තවත් ශක්තිමත් වීම වැලැක්විය නොහැකි බවයි.
2020 ජාතික ආරක්ෂක අධිකාරී පනතට සහයෝගය දක්වන සෙනට් සභික ටෙඩ් කෘස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ” නෝර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවී සිටින සමාගම් වලට දණ්ඩන නියම කිරීමෙන් යුරෝපයේ බලශක්ති සුරක්ෂිතතාවය ගොඩ නැංවෙන අතරම රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් හට ආක්‍රමණශීලීව හැසිරීමට අවශ්‍ය වන ඩොලර් බිලියන ගණනක මුදල් නවතාලීමට හැකිවනවා” යනුවෙනි.
සම්මතවූ පනතින් ඩොලර් බිලියන 740ක මුදලක් වෙන් වී ඇත්තේ අමෙරිකානු හමුදාවේ නවතම අංශයක් වන අමෙරිකානු අභ්‍යවකාශ අංශය ස්ථාපිත කිරීමට සහ මෙක්සිකෝ අමෙරිකා දේශ සීමාවේ දැවැන්ත තාප්පයක් ඉදිකිරීම වෙනුවෙනුයි. පනත ක්‍රියාත්මක වීමට දැන් අවශ්‍ය වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අත්සන පමණි.

පසුගිය සතියේදී මෙම පනත සම්බන්ධව අදහස් දක්වන ජර්මානු විදේශ අමාත්‍ය හෙයිකෝ මාස් මහතා පවසා සිටියේ අමෙරිකානු සෙනෙට් සභාව මෙම පනත සම්මත කිරීම වහා නවතා දැමිය යුත්තේ එමගින් යුරෝපයේ ස්වෛරී තීරණයකට බලපෑම් කරනු ලබන නිසාත් අමෙරිකානු සම්බාධක කෙසේවත් පිළිගත නොහැකි නිසාත්  බවයි.
අමෙරිකාව නෝර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතිය දිගින් දිගටම අඩාල කිරීමට කටයුතු කළ අතර එනිසාම 2019 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතව තිබූ ගෑස් නල එලීමේ කටයුතු 2020 වර්ෂයේ මැද භාගය දක්වා කල් යනු ඇතැයි පැවසේ.
ව්‍යවස්තාදායකයන් පිරිසක් තර්ක කරනු ලබන්නේ නෝර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතිය මගින් යුක්‍රේනයේ කිව් පාලනය බිඳවට්ටවා රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි. ඔවුන්ගෙන් තවත් පිරිසකගේ තර්කය වන්නේ අමෙරිකාව නිපදවන ගෑස් වැඩිමිළට යුරෝපයට විකිනීමට නෝර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතිය මගින් බාධා එල්ල කරන බැවින් අමෙරිකාව ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More