රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්‍රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය එතැනින් වහාම ඉවත්කර එම අමාත්‍යාංශය පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට රැගෙන යෑමට අනුමැතිය ගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය.
කුලී මුදල් විශාල වශයෙන් ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ හා රජයේ ආයතන ඒ ස්ථානවලින් ඉවත්කර නැවතත් රජයේ ගොඩනැගිලිවලට ගෙනයෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය එම පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කෙරෙන්නේද ඒ අනුවයි.
කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන මන්දිරයෙන් ඉවත් කර රාජගිරියේ මෙම පෞද්ගලික ගොඩනැගිල්ලට රැගෙන ගොස් තිබුණේ 2016 වර්ෂයේදීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ මේ ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට ගෙවන කුලී මුදල රුපියල් දෙකෝටි හතළිස් දෙලක්‍ෂයකි.
මේ අනුව මේ දක්වා වූ කාලයේදී එම පෞද්ගලික ගොඩනැගිල්ල වෙනුවෙන් ගෙවා ඇති කුලී මුදල රුපියල් අසූහය කෝටි හතළිස් ලක්‍ෂයකැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...