දේශීය පුවත්

කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුවට දෙපසින්ම රෝගින් බැලීමට පැමිණෙන පිරිස් නියමිත වේලාව පැමිණෙන තෙක් එහි රැඳී සිටිනවා. ඔවුන්ට එසේ රැදී සිටිමට සිදුව තිබුණේ දැඩි අව් රශ්මිය මධ්‍යයේ මෙන්ම ගමන් විඩාව මගහරවා ගැනීම සඳහා අසුන් ගැනීමටවත් පහසුකම් නොමැති තත්ත්වයක් යටතේයි.

මීට දින 03කට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසියම් කටයුත්තක් සඳහා ඒ අසළින් ගමන් කරන විට මේ බව නිරීක්ෂණය වී තිබුණි.

එහිදී ජනාධිපතිවරයා දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංගට මේ බව දන්වා ඇති අතර ඔහුගේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රෝහල් අධ්‍යක්ෂකවරයා සහ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගොඩනැගිලි අංශයේ නිලධාරීන් මීට අදාළව කළුබෝවිල රෝහලේ නිරීක්ෂණයක යෙදුණි.

ඒ අනුව මේ වන විට එහි අසුන් ගැනීමට තාවකාලික පිළියමක් වශයෙන් යකඩ බංකු සවි කිරීමට පියවර ගෙන ඇති අතර අව් රශ්මියෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීමට හැකි වන පරිදි වහලයක් ඉදි කිරීමටද කටයුතු කරමින් සිටියි.

තවද රෝහලේ ඉදි වෙමින් පවතින තට්ටු 10කින් සමන්විත ගොඩනැගිල්ල පෙබරවාරි මාසය අවසන් වීමට පෙර ඉදිකිරීම් අවසාන කර හදිසි අනතුරු අංශය එම නව ගොඩනැගිල්ලට ගෙනයාමෙන් පසුව එම ස්ථානයේ රෝගීන් බැලීමට එන පිරිස් සඳහා ස්ථිර ඉදිකිරීමක් සිදුකිරීමටද මෙහිදී තීරණයකට එළඹ තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More