දේශීය පුවත්

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මඟින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ මුස්ලිම් අැමැතිවරුන් කීපදෙනෙකු සහ කාදිනල්තුමා ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දි ඇති බවට රජයේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා ඊයේ (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය ඊයේ (17) යළි කැදවු අතර බන්ධනාගාර අධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය අධිකරණයට ඉදිරිපත් කැර තිබු අතර ඔවුන් ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කෙළේය.

සිද්ධිය ඊයේ (17) යළි කැදවු අවස්ථාවේ දි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම විමර්ශනයට අදාළව හිටපු පොලිස්පතිවරු තුන්දෙනකු, නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනකු සහ හිටපු නීතිය හා සාමය අැමැති රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කැර ගෙන ඇති බවය.

මෙම විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ මුස්ලිම් අැමැතිවරුන් කීපදෙනකු සහ කාදිනල්තුමා ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තවදුරටත් සිදු කරන බවට හෙතෙම අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදිනට පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කෙළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More