දේශීය පුවත්

සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් කළ බව කියන වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව විමර්ශන කටයුතු මුල සිට නැවත ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (17 වැනි) කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ගොස් ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායම කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව මහත්වරුන් මුණගැසී මෙම විමර්ශනයට අදාළ තොරතුරු ලබාගෙන තිබේ.

මේ අතර වඳ භාවයට පත්වූ සිංහල මවුවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත ප‍්‍රකාශ ගැනීමට නියමිතය.

සැකකාර වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ගේ අයථා දේපළ ඉපයීම් සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.

වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් නැවත මුල සිට විමර්ශනයක් පවත්වන ලෙස කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඞී. කේ. පි‍්‍රයන්ත, එහි අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණ යටතේ මෙම විමර්ශන කි‍්‍රයාත්මක කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More