Uncategorized

පොහොර මිටිය නොමිලේ ලබා දී ආනයනික තිරිගුපිටි සඳහා බදු සහන ලබා දීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන්යෙන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මව්බිම ලංකා පදනම ලෙස සාකච්ඡා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් මවුබිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා පවසයි.

පොහොර  නොමිලේ ලබා දීමෙන් රජය කළ යුත්තේ දේශීයශීය නිෂ්පාදනය වැඩි කිරීම බවත් එමෙන්ම රටේ ජනතාවට පාන් කැවීම නතර කිරීමට රජය පියවර ගතයුතු බවත් වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊ‍යේ (17වැනිදා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවසුවේය.

‘‘ මේ රටේ ආර්ථිකය දේශීය කරගෙන විශාල වශයෙන් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ගේන්න හැකියාව තිබියදීත් පරදේශ ප්‍රතිපත්තිවලට අනුව යමින් අපේ රටේ මිනිස්සු කන්න ගේන්නෙත් පිටරටින්. මේ තරම් සරු පොළවක් තිබෙන මේ රටේ සම්පත්වල වටිනාකම අපේ නායකයන්ට තේරෙන්නේ නැහැ. මිනිසුන්ට තේරෙන්නෙත් නැහැ.

වර්තමානයේ ලංකාවේ ළමයින්ගෙන් 15%කට දියවැඩියාව. අපේ කුඩා කාලයේ අපට එහෙම තිබුණෙ නෑ, මේ දේවල්වලට හේතුව ළමයින් ගුණදායක ආහාරයක් ගන්නෙ නෑ. ඔවුන් කන්න කැමති විස රසායන සහිත කෑම. විශේෂයෙන්ම පාන්, ඉස්සර අපේ ගෙවල්වලට පාන් ගෙනාපුවාම හවස් වෙද්දි පාන් පුස් කනවා. ඒ මොකද රසායන ද්‍රව්‍ය දාල නැති නිසා. නමුත් දැන් පාන් ගෙඩියක් ගෙනාවම දවස් දෙකක්වත් තියාගන්න පුළුවන්. ඒකට හේතුව එහෙම තියාගන්න පුළුවන් විදියට රසායන ද්‍රව්‍ය දාල තියනවා පාන්වලට.

අපි රජයෙන් අහන්නේ නොමිලයේ පෝර දීලා වැඩක් තියෙනවද? මිනිසුන්ට ඇඟ පත ලෙඩ කරන්න පාන් ගෙන්වලා එහෙමනම් නොමිලේ පොහොර දෙන එක තේරුමක් නැහැ. මේක කන්න තුනක් ගොවිතැන් කරන, ගොවිතැනින් ස්වයංපෝෂිත වෙච්ච රටක්. අපේ රටේ මිනිස්සුයි පිටරට අයට කන්න දුන්නෙ. අපටයි පෙරදිග ධාන්‍යාගාරය කිව්වෙ. එහෙම ගෞරවයෙන් හිටපු රටක් අද වන විට වැටිලා තියන තත්ත්වය පිළිබඳ ලැජ්ජා වෙන්න ඕන. මේ රටට ශක්තිමත් නායකයෙක් ඉන්නව නම් අපිට තවමත් අවස්ථාව තියනවා අපේ දේ රැකගෙන ඉස්සරහට යන්න.

අපි කියනවා මෙච්චර ණයයි මෙච්චර ණයයි කියලා .රටවල් ගාණකට හම්බන්තොට ගුවන් තොටුපළක් හදවන්න ගිය ඩොලර් මිලියන 200 ගත්ත එකටවත් චීනෙන් සල්ලි දුන්නමත් නිසා නෙමෙයි අපේ ණය ප්‍රමාණය වැඩි වුණේ. මේ තරම් සරු පොළවක් තියන ලංකාවෙ මිනිස්සු ඒ පස අමතක කරලා පිටරටවල්වල හැදෙන පලතුරුයි කිරිපිටි ටිකයි, තිරිඟු පිටියි කාලයක් තිස්සේ ගෙන්වන්න පටන්ගත්ත නිසයි මෙහෙම වුණේ.

ලංකාවට අවුරුද්දකට ගෙන්වනවා ඩොලර් මිලියන 400ක කිරිපිටි. වරායවල් දෙකක් හදන්න පුළුවන් ඒ මුදල ඉතුරු කරගත්තා නම්. අපි මේක කියන්නේ මාධ්‍යවලට. වත්මන් රජය අපහසුතාවට පත් කරන්නවත් කාගෙවත් කීමටවත් නෙවෙයි. මේ රටේ තියන සම්පත් ආරක්ෂා කර ගැනීමේ අපමණ චේතනාවෙන්.‘‘

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More