දේශීය පුවත්

පක්ෂ නායකත්වය නොමැතිව ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මහතා පැවැසීය.

තමන් කොන්දේසි වලට යටත්වන පුද්ගලයකු නොවන බැවින් කිසිඳු කොන්දේසියක් මත කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

“සජිත් ප්‍රේමදාස මහතා ගමින් ගමට ජනතාව මුණ ගැසීම” ජන රැළි මාලාවේ ජනහමුවකට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී අද (17) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

මුරණ්ඩු ලෙස පක්ෂ නායකත්වය ලබා ගැනීමටත් තමන් කටයුතු නොකරන බවත් පැවසූ ප්‍රේමදාස මහතා පාක්ෂිකයන් බහුතරයකගේ ඉල්ලීම අනුව කටයුතු කිරීමට සූදානම් බවත් එහිදී සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More