දේශීය පුවත්

දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුකරන බවට පොරොන්දු දුන් එංගලන්ත නව අගමැති බොරිස් ජොන්සන් මහතාගේ ප‍්‍රකාශයට විරෝධය පා පොදුරාජ්‍ය ලංකාව වහා ඉවත්විය යුතුයැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.

ඇඹිලිපිටියේ අද (17දා) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි:

“අපිට ප‍්‍රශ්නයක් තියනවා. ලංකාවේ ප‍්‍රශ්නය ගැන බොරිස් ජොන්සන් මහත්තයාට මේ තරම් තියන කැක්කුම මොකක්ද කියලා. තවමත් ශ‍්‍රීලංකාව බ්‍රිතාන්‍යයේ කොළනියක්, යටත් විජිතයක් කියලා එක අතකින් ඔහු හිතාගෙන ඉන්නවද දන්නේ නෑ. අනෙක් කාරණාව තමයි ද්‍රවිඩ පිරිසත් එක්ක ඇතිවෙලා තියන සම්බන්ධතාව.

ශ‍්‍රී ලංකාව වහාම පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි. පොදුරාජ්‍ය මණ්ඩලය කියන්නේ කැඩී බිඳියන්නට යන එංගලන්තය එසේ නෙවන්නට ඉඩනොදී පවත්වාගෙන යන්නට හදන සංවිධානයක් මිස වෙන මොකවත් නෙවෙයි.

පැවති යටත් විජිතවාදය පවත්වාගෙන යන්න ගන්න අසාර්ථක උත්සාහයකට තමයි පොදුරාජ්‍ය මණ්ඩලය කියන්නේ. ලංකාව එංගන්තයේ යටත් විජිතයක් කියල ජොන්සන් මහත්තයා හිතනවනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්වයෙන් වහා ඉල්ලා අස්විය යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More