ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් 2019 වසරේ පවත්වන ලද රියදුරු බලපත් අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණවලින් 55.35%ක් අසමත්වී ඇත.
මෙයට හේතුවී තිබෙන්නේ ඇස් පෙනීමේ දුර්වලතා නිසා බව සනාථ වී ඇත.
2019 වර්ෂයේ මේ වන විට සිදුකර ඇති සමස්ත වෛද්‍ය පරීක්ෂණ සංඛ්‍යාව 872769 කි.
සෞඛ්‍ය හේතූන් මත වෛද්‍ය පරීක්ෂණ තාවකාලිකව අසමත් රියදුරු බලපත් ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව 101596කි.
සම්පූර්ණ වශයෙන් එනම්, කායික අංගවිකල හා ආබාධ, වලිප්පුව, මානසික රෝගාබාධ වැනි හේතූන් නිසා අසමත් වී ඇති සංඛ්‍යාව 13% කි.
2019 බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් 2.49%ක් හෘදරෝග නිසාද, 10.5% අධික රුධිර පීඩනය නිසාද, 25.35% දියවැඩියාව නිසාද, වෙනත් රොගාබාධ නිසා 6.78% ක්ද තාවකාලික වෛද්‍ය පරීක්ෂණ අසමත්ව තිබේ.ප්‍රතිශතයක් ලෙස ගත් කළ 2018 වර්ෂයේ 11.40% ක් වූ අසමත් සංඛ්‍යාව 2019 වර්ෂයේ දී 11.69%ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...