දේශීය පුවත්

නිවේදනයෙන් ඔවුන් සඳහන් කරන්නේ, අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බවට චෝදනා කරමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසු වන බවයි.

මෙරට නීතියට හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අදාළ නිලධාරිනියගේ පෞද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙරට අධිකරණය සතු වගකිමක් බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා.

සිය තානාපති කාර්යාල නිලධාරිනිය වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් කළ හැකි උපරිමය සිදුකරන බවත් පෙන්වා දෙන
ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ,
මෙම ගැටලුව විසඳාගැනීම සඳහා මධ්‍යස්ථ හා ඵලදායි මාර්ගයක් අපේක්ෂා කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන රටක් ලෙස අදාළ නිලධාරිනියගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවාධානයක් යොමුකරන ලෙසද ඔවුන් එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා ඊයේ (16) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමූවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද එම නිවේදනයේ අවසන් වශයෙන් දක්වා තිබෙනවා.

එම නිවේදනය මෙතනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More