පුරවැසි කොලම

ලෝකයේ මහා ශිෂ්ඨාචාර දෙකකි. ඉන් එකක් චීනයයි.  අනෙක ශ්‍රී ලංකාවයි. චීන ශිෂ්ඨාචාරය ගොඩනැගෙන්නේ කොන්ෆියුසස්ගේ බුදුදහම පදනම කරගෙනය. අප රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගෙන්නේ හා ගොඩනගන්නේ ගෞතම බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය පදනම් කරගෙනය. වසර 2600ක බෞද්ධ ආගමික සභ්‍යත්ව ශිෂ්ඨාචාරයක උරුමය අප විසින් ආරක්ෂා කරගත්තා මෙන්ම එය පෝෂණය ද කලේ මෙරට සිංහල ජනතාවය . කිසිදු රාජ්‍යකට එවන් දිගු ඉතිහාසයකට හිමිකාරිත්වය ක් නොමැත.

මෙරටට මිහිදු මාහිමියන් බුදු දහම ගෙන එන ලද්දේ වසර 2200 කට පෙරාතුවය. එනම් දේවානම්පියතිස්ස රජ දවසය. එදා පටන් සමාජ ,ආර්ථික , දේශපාලනික හා සංස්කෘතික හැඩගැස්මේ අඩිතාලම බුදුදහමය. උපතේ සිට මරණය දක්වාම අපේ ජීවිත හා අත්‍යන්තව බද්ධ වුනේද බුදු දහමයි. දුරාතීතයේ පටන් මෙරට අනගිභවනීය විශිෂ්ටතම කලා නිර්මානයන් පෝෂණය වූයේද බුදුදහම නිසාවෙනි.

බුදුදහමට හිමි ස්ථානය අපේ රටේ වෙනත් කිසිදු ආගම් දහමකට ලබාගත නොහැකිය. එය එසේවන්නේ මෙරට ස්වදේශිකයන් වූ සිංහල අපේ සමාජ හර පද්ධතිය , ඇවතුම් පැවතුම් හා සියලු මානවීය සබදතා රැදිපවතින්නේ බුදුදහම මතය.

විග්නේෂ්වරන් පාරම් බාන ගජබින්න වලට නොබියව පිලිතුරක් දිය යුතුවා සේම එම මතයද ලත් තැනම ලොප්කල යුතුය. ඒ ඔවුන් සහ ඔවුන් මෙහෙයවන විජාතික අන්‍යාගමික කුමන්ත්‍රණ කරුවා විග්නේෂ්වරන් ය. උතුරු නැගෙනහිර දෙමළ ජනාවාසකරණය සිදුවන්නේ ලන්දේසි පාලන සමයේදීය. ඒ යාපනය ප්‍රදේශවල දුම්කොල වගාව සදහා දකුණු ඉන්දීය දෙමල සේවකයන්ගේ පැමිණීමෙන් අනතුරුවය. විශේෂයෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් විටින් විට අපේ රට ආක්‍රමණය කලේය. ඒ සියලු ආක්‍රමණිකයන් පලමුව කලේ පන්සල් හා වෙහෙර විහාර විනාශ කිරිමේ ක්‍රියාන්විතයි.

එසේ කිරීමට හේතුව වූයේම මේ රටේ බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය විනාශ කරලීමයි. අද විග්නේෂ්වරන් ඇතුලු ඊනියා ද්‍රවිඩ නායකයින් කරන්නේද ඒ දේමය. ඔවුන්ට නොමැති ඉතිහාසයක් හුවා දක්වමින් විග්නේෂ්වරන් ඉටුකරන්නේ ජාතීවාදී උගුලක අප සියල්ල හිරකිරීමේ කාර්‍යභාරයයි . මෙය අප නිවැරැදි ව තේරුම් බේරුම් කරගතයුතුය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනිමේ සටනට එදා පොන්නම්බලම් රාමනාදන් , අරුණාචලම් වැනි දේශපාලන නායකයන් නායකත්වය දුන්නේ රටක් විධියට ලාංකීය ජාතියක් විධියට සිතාය. ඔවුනට අවශ්‍ය වූයේ නිදහස් ස්වෛරී රටක් ය. නොබෙදුනු ඒකීය ශ්‍රි ලංකාවකි. එහෙත් වත්මන් අපේ විග්නේෂ්වරන් ඇතුලු නඩයගේ කීමට බොහෝ රටට හිතැති දේශමාමක දෙමල ජනතාව අකමැතිය.

ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න
මහ ලේකම්
එකසත් ජාතික නිදහස් පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More