එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරණයෙන් පසුව පළමු වරට අද (17දා) දින ජනතාව ඇමතීමට නියමිතව තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද ලක්‍ෂ 55කට වැඩි සංඛ්‍යාවක් ලබාදුන් ජනතාවට ස්තූතිය පළ කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා පවත්වන රැස්වීම් මාලාව අද දිනයෙන් ආරම්භ වේ.
කොළොන්නාව මංගල උත්සව ශාලාවේදී අද සවස 1.30ට, කෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේදී සවස 4.00ට සහ මොරටුව ලැගුත්වීව් උත්සව ශාලාවේදී සවස 5.00ට ජනතාව ඇමතීමට ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබේ.
මේ අතර හෙට (18දා) දින ගම්පහ හා අත්තනගල්ල නගරවලදී ජනතාව ඇමතීමට ඒ මහතා කටයුතු යොදා ඇත.
සජිත් ප්‍රේමදාස මහතා සමග සිටින එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මෙම රැස්වීම් සංවිධානය කර තිබේ.
ඒ අනුව කොළොන්නාවේදී අද දින පැවැත්වෙන රැස්වීම එස්.එම්. මරික්කාර් මහතා විසින්ද, කෝට්ටේ රැස්වීම හර්ෂ ද සිල්වා මහතා විසින්ද, මොරටුව රැස්වීම ඉරාන් වික්‍රමරත්න විසින්ද සංවිධානය කර ඇත.
එසේම ගම්පහදී හෙට දින පැවැත්වෙන රැස්වීම අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා විසින් සංවිධානය කරනු ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...