ස්විස් තානාපති කාර්යාලයේ කටඋත්තර එකිනෙකට පරස්පර විරෝධී බවත් එම සිදුවීම තහවුරු වී නැති බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16 දා) දහවල් ජනාධිපති මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතා පැවසීය.
මෙම සිද්ධියෙන් වින්දිතයා බවට පත් වී ඇත්තේ එම කාන්තාව නොව තමා යැයි පැවසූ රාජපක්ෂ මහතා සී. සී. ටී. වී. දර්ශන, රියැදුරාගේ ප‍්‍රකාශ සහ අසල්වාසීන්ගේ ප‍්‍රකාශවලින් එවැනි පැහැර ගැනීමක් සිදුවී නැතැයි කීවේය.
ස්විස් තානාපතිතුමා සිය වගකීම ඉටු කළා. එහෙත් අප පරීක්ෂණ පවත්වා තාක්ෂණික ක‍්‍රමවේද මගින් ඇගේ ප‍්‍රකාශය පිළිගත නොහැකි බව ස්විස් බලධාරීන්ට කියා සිටියා යයි ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මෙම පරීක්ෂණ සඳහා එම කාන්තාව නිසි සහාය දක්වන්නේ නැතැයි ද රාජපක්ෂ මහතා හෙළි කළේය.
මෙකී පැහැර ගත් බව කියන සිද්ධිය ගැන එකිනෙක තොරතුරු සමාලෝචනය කිරීමේදී එම සිද්ධිය තහවුරු කිරීමේ කිසිදු තොරතුරක් අනාවරණය වූයේ නැතැයි ද රාජපක්ෂ මහතා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...