දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරයට කතානායක කරූ ජයසූරිය මහතා පත් කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදයේ නියෝජිත භික්ෂූන් වහන්සේලාගේ අත්සන් සහිතව සකස් කළ විශේෂ ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

මෙම ලිපියෙහි පිටපත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නියෝජිතයන්, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඇතුළු මහජන නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ද යොමුකර ඇත.

පක්ෂ නායක ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ලිපිය මගින් ඉල්ලා ඇති අතර කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායක ධූරයට පත් වුවහොත් එය පිළිගෙන ඔහු සමඟ පක්ෂයේ ප්‍රගමනය උදෙසා කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ද ඉල්ලා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More