මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සමාජිකයන් පත්කිරීම (16) පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කරන ලදී.
මෙහිදී පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පී.ජී.අමරකෝන් මහතා විසින් ආණ්ඩුකාරවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අතර පත්වීම් ලිපි ලබාගත් අනෙක් සමාජිකයන් වන්නේ මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත්, නීතීඥ ඩබ්.එම්.ඒ.ඩී. වීරකෝන්, නීතිඥ ඒ.එම්.ආර්.බී තෙන්නකෝන් යන මහත්වරුන්ය.
පත්වීම් ලබාදීමෙන් පසු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පැවති අතර, එහිදී පළාතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුකිරීම තමා නව කොමිෂන් සභාව මගින් බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා විසින් අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාව සදහා හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.බි.රත්නායක,මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කේ.ජී.උපාලි රණවක යන මහත්වරුන්ද සහභාගී විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...