විදේශ පුවත්

අමෙරිකාවේ ෆෙඩරල් සුරක්ෂිතා විමර්ශනය හේතුවෙන් බෝයිං 737MAX ගුවන් යානා 400ක් ගුවන්ගත කිරීමට නොහැකිව ගාල් කිරීමට සිදුව ඇති බව බෝයිං සමාගම පවසයි. කෙසේ වුවද තවමත් බෝයිං සමාගමේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත බව බෝයිං සමාගමේ පරිපාලනය පවසා සිටී. සියැටල් නගරය ආසන්නයේ පිහිටි රැන්ටන් නගරයේ පිහිටි බෝයිං සමාගමේ නිශ්පාදන අංශය ලබන ජනවාරියේ සිට වසා දැමීමට සිදුවන බව සමාගම පවසා සිටී. කෙතරම් කාලයක් සමාගම වසා තිබෙනවාදැයි යන්න බෝයිං සමාගම පැහැදිලිව සඳහන් නොකරයි.

බෝයිං සමාගමේ පැහැදිලි කිරීමට අනුව සමාගම වසා තැබීමට තීරණය කර ඇත්තේ කාරණා කිහිපයක් මුල් කර ගෙනය. එම කාරණා අතර , සුරක්ෂිතතා සහතික පත්‍රය 2020 වර්ෂයට දීර්ඝ නොකිරීමට අමෙරිකානු සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව තීරණය කිරීම, ලෝක පරිමානයෙන් ක්‍රියාත්මක කරනු ලබන පුහුණුවීම් සහ සේවා සැපයීම් සඳහා කාල රාමු සහ තත්ව සහතිකයන් නොලැබීම,සදා නිම කර ඇති ගුවන් යානා ප්‍රවාහනයට ඇතිවන බාධා ප්‍රධාන වශයෙන් බලපානු ලබයි.

වෝල් ස්ට්‍රීට් ජ’නල් සඟරාව බෝයිං සමාගම මුහුනපා ඇති අර්බූදය මුලින්ම හෙලිදරව් කළ මාධ්‍ය වන අතර ඔවුන්ගේ හෙළිදරව්වට අනුව 12000ක් වන බෝයිං සමාගමේ සේවකයන් කිසිවෙකු ඉවත් කිරීමට හෝ තාවකාලික විශ්‍රාම ගැන්වීමට සමාගම කටයුතු නොකරන බවද පවසා සිටී.

පසුගිය වර්ෂයේ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 302 ගුවන් යානයක කඩා වැටීමෙන් පුද්ගලයන් 157 දෙනෙකු මිය ගිය අතර ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX ගුවන් යානයක්
කඩා වැටීමෙන් පුද්ගලයන් 189 දෙනෙකු මිය ගියහ. එතැන් පටන් බෝයිං සමාගම නිෂ්පාදනය කළ බෝයිං MAX ගුවන් යානා 400ක් බෙදාහැරීමට නොහැකි වූ අතර තවත් එවැනි ගුවන් යානා 400ක් සමාගම නිෂ්පාදනය කළේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More