දේශීය පුවත්

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීම සම්පූර්ණයෙන් වැරදි බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසයි.

එම සංසදයේ හිමිවරු ඇතුළු පාර්ශ්ව රැසක් අද(16) මාධ්‍ය හමු පවත්වමින් අදාළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා සිටියේය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීම සම්පූර්ණයෙන්ම වැරදි බවත් මහා වංශය ප්‍රබන්ධ කතාවක් පමණක් බවත් සඳහන් කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය පාර්ශ්ව කිහිපයක් අද අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින් ජාතික විද්වත් භික්ෂු සංසදයේ කමිටු සාමාජික පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් මේ බව පැවසීය.

“පොළොන්නරු යුගයෙන් එහා දෙමළ සිහිවටන නැතැයි. දෙමළ මහාචාර්යවරයෙක්ම පැවසුවා

එහිදී අදහස් දක්වමින් ජාතික විද්වත් භික්ෂු සංසදයේ සභාපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව පැවසීය.

“ඉන්දියාව ඉදිරිපත් කරන මතවාදයත්. දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාවලීන්. විග්නේෂ්වරන්ගේ ප්‍රකාශ අතර සම්බන්ධයක්. ආණ්ඩුවට සල්ලි නැත්නම් හොයලා දෙන්නම්. මොහුව පුනරුත්ථාපනය කළයුතුයි.

ලෝකයේ ඕනෑම කෙනෙක් පිළිගන්නවා. ශිෂ්ටාචාරගත උරුමය අයිති සිංහල බෞද්ධයින්ට. වහල්කම් කරන්න ආපු අය.ඓතිහාසික උරුමය ගැන කතා කරන්න අයිතියක් නැහැ. රබර් වත්තේ ගොටුකොළ වැවුණාට

එය ගොටුකොළ වත්තක් වෙන්නේ නැහැ. දෙමළ නිජබිමක් බවට සාධක කොහේවත් නැහැ. පුළුවන් නම් පෙන්වා දෙන්න මිනිස්සු කළඹන්න අපේක්ෂාවක්“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More