දේශීය පුවත්

විපක්ෂනායක කම, පක්ෂ නායක කම ඇතුලූ කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන බවත් මන්ත‍්‍රීවරු පිරිසක් පැමිණ තමන්ට ඒ ගැන කරදර කරන බවත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා මහා සංඝ රත්නයට දැනුම් දුන් බවත් එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(16) පැවසූහ.

තමන් ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 260ක් ණය වී ඇති බවත් එම ණය ගෙවීම පිළිබද කල්පනා කල්පනා කරමින් සිටින බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසූ බවත් උන්වහන්සේ සදහන් කළහ.

බෙදී වෙන්වනවා වෙනුවට එකමුතුව කටයුතු කර පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවෙන්නයි එක්සත් ජාතික පක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දෙන බවත් පැවසූ තිනියාවල පාලිත හිමියෝ ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ටියුෂන් ගත යුතු බවත් පැවැසූහ.

එක්සත් භික්ෂු පෙරමුණ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More