පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පිළිබඳ සිද්ධියට ශ්‍රී ලංකාවේ මාධ්‍යය මෙතරම් ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ ඇයි දැයි මෙරට ඇමරිකානු තානාපතිවරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහීදි ඇමරිකානු තානාපතිවරිය විසින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ මෙම සිදුවීම ලංකාවේ මාධ්‍යයන් තුළින් අනවශ්‍ය ලෙස උලුප්පා දක්වමින් සිටින බවයි.
කෙසේ වෙතත් මෙයට පිළිතුරු ලබාදී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කිසිදු පදනමක් හො සත්‍යතාවක් නොමැති මෙම පැහැර ගැනීමේ සිදුවීම පිළිබඳ පළමුවෙන්ම වාර්තා කළේ නිව්යෝර්ක්ස් ටයිම්ස් ඇතුළු විදෙස් මාධ්‍ය බවයි.
පසුව මෙරට ආණ්ඩු හා විපක්ශ මැති ඇමතිවරුන් මෙම නිළාදාරිනිය ගැන සිදු කළ ප්‍රකාශ මෙන්ම, සිදුවූවායි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන පොලිස් විමර්ශණ නිසා ඒ පිළිබඳව මෙරට තුළ කතාබහට ලක්වී ඇති බවත් ජනාධිපතිවරයා ඇමරිකානු තානාපතිවරියට දැනුම් දී ඇත.
Neth News
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...