පසුගිය බදාදා පොහොය දිනයක් වූ බැවින්, කැබිනට් මණ්ඩලය රැස් වූයේ අඟහරුවාදා ය. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී ම අමාත්‍ය විමල් වීරවංශ ජනාධිපතිවරයාගෙන් ‘ඉතා වැදගත් ප්‍රශ්නයක්’ විමසා ඇත.
‘‘ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න හදනවා කියල තැන් තැන්වල කතා වෙනවා… ඒ නිසා වැඩියෙන්ම අපහසුතාවයට පත් වෙලා තියෙන්නෙ එම්.සී.සී. එකට විරුද්ධව කතා කරපු අපියි… ජනාධිපතිතුමනි, ඇත්තෙන්ම එම්.සී.සී. ගිවිසුම ගැන ඔබතුමාගෙ තීරණය මොකක්ද…?’’
එවිට ජනාධිපති ගෝඨාභය මෙසේ පැවසුවේ ය.
‘‘පළමුවෙන් ම කියන්න ඕන, මම කිසිම හේතුවක් නිසාවත් මේ රටට හානිකර කිසිම ගිවිසුමකට එකඟ වෙන්නෙ නෑ… ඊට අමතරව මේ ගිවිසුමේ හැම වගන්තියක්ම යළි සමාලෝචනය කරන්න ආචාර්ය ලලිතසිරි ගුණරුවන්ගෙ නායකත්වයෙන් කමිටුවක් පත් කරන්නත් සැලසුම් කරලා තියෙනවා… අපි ඒ කමිටුවෙ විශේෂඥ මතයත් විමසමු…’’ යනුවෙන් ජනාධිපතිවරයා පිලිතුරු දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...