විදේශ පුවත්

නව දිල්ලියේ ජමියා මිල්ලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලය ප්‍රදේශය ආශ්‍රිතව පැන නැගුනු නොසන්සුන්තාවය විශ්ව විද්‍යාලය තුළටද පැතිරීයාම හේතුවෙන් පොලීසිය විශ්ව විද්‍යාල භූමිය තුළට ඇතුල් වී කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.එහිදී සිසුන් සහ පොලීසිය අතර ඇතිවූ ගැටුම් වලදී සිසුන් අත් අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලීසිය ක්‍රියා කර ඇති අතර සිය ගනනක් සිසුන්ට විශ්ව විද්‍යාලය හැර යාමට බල කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉන්දියානු ව්‍යවස්ථාදායකය පසුගියදා නව පුරවැසි පනත සම්මත කිරීමත් සමඟ නවදිල්ලි නුවර ජමියා මිල්ලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලය(ජාතික මුස්ලිම් විශ්ව විද්‍යාලය ) ආශ්‍රිතව නොසන්සුන්තාවයන් පැන නැගුනි.
කෙසේ වුවත් විශ්ව විද්‍යාල සිසුන් පවසන්නේ විශ්ව විද්‍යාලය සන්සුන් තත්වයක තිබියදී පොලීසිය අනවශ්‍ය ලෙස විශ්ව විද්‍යාල භූමියට කඩා වැදුනු බවයි.

එහෙත් ඊයේ(15) උදෑසන විශ්ව විද්‍යාල භූමියෙන් ආරම්භ කෙරුනු විරෝධතා පාගමනක් පොලීසිය වලක්වාලූයේ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සියගනනක් විරෝධතාකරුවන් අත් අඩංගුවට ගනිමිනි.එහිදී විරෝධතා කරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජේෂ්ට නීතිඥයකු වන වසීම් අහමඩ් ඛාන් මහතා ” පොලීසියට විශ්ව විද්‍යාලය තුලට ප්‍රවේශවීමට කිසිවෙක් අවසර දී නැහැ. ඔවුන් ඇතුල් වී ඇත්තේ බලහත්කාරයෙන්. එසේම ඔවුන් සිසුන්ටත් ආචාර්ය මණ්ඩලයටත් පහරදී විශ්ව විද්‍යාල භූමියෙන් පන්නා දමා තිබෙනවා.” යැයි පැවසීය.

මේ සම්බන්ධව අදහස් දක්වන නියෝජ්‍ය පොලිස් කොමසාරිස් චින්මෝයි බිස්වාල් මහතා පවසා සිටියේ ” අපගේ ඒකායන උපාය වූයේ කලහකාරීන් පන්නා දැමීම පමණයි. ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වා ගැනීමට එය කළ යුතුයි. අපට විශ්ව විද්‍යාල ප්‍රජාව සමඟ කිසිදු ගැටුමක් නැහැ.”යනුවෙනුයි. ඔහුට අනුව ඉන්දීය පොලිස් නිළධාරීන් හය දෙනෙකු ගැටුම් වලදී තුවාල ලබා ඇත.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More