දේශීය පුවත්

නියෝජ්‍ය කථානායක ධුරය, කාරක සභා නියෝජ්‍ය සභාපති ධුරය ආණ්ඩු පක්ෂයට ලබා ගැනීම සඳහා සාකච්ඡාකර තීරණයකට එළැඹීමේ කාර්යය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ට පවරා ඇත.

ආණ්ඩු බලය හොබවන පාර්ශ්වයට කථානායක, නියෝජ්‍ය කථානායක සහ පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජ්‍ය සභාපති ධුර හිමි නොවීම ගැටලු සහගත තත්ත්වයක් බැවින් මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මේ පිළිබඳ සාකච්ඡා කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් ‘ අරුණට’ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කථානායක ධුරයෙන් ඉවත් වීමට කරු ජයසූරිය අකැමැත්ත ප්‍රකාශකර ඇති නිසා නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපති ධුර දෙක ආණ්ඩු පක්ෂය විසින් ලබා ගත යුතු බවටද මන්ත්‍රීවරුන්ගේ අදහසවී තිබේ.

ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට පෙර ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකවරුන් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වී මේ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ සභානායක ධුරය , ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පිළිබඳවද තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More