මෙට්ෆොර්මින් පෙතිවල අඩංගු බවට සැක කෙරෙන එන් ඞී එම් ඒ රසායනය පළිබෝධනාශක. ක්ලෝරීන් හා කාර්මික නිෂ්පාදනයේ අතුරුඵලයකි. මෙට්ෆොර්මින් පෙතිවල අඩංගු බවට සැක කෙරෙන එන් ඞී එම් ඒ රසායනය පළිබෝධනාශක. ක්ලෝරීන් හා කාර්මික නිෂ්පාදනයේ අතුරුඵලයකි
දියවැඩියා රෝගයෙන් පෙළෙන ලොව පුරා මිලියන ගණනක් වූ ජනතාව විසින් භාවිතා කරන පොදු බෙහෙත් වර්ගයක් වන ‘මෙට්ෆොර්මින්’ පෙතිවල පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක් අඩංගු බවට සැක පහළ වීම් හේතුවෙන් ඇතැම් වෙළෙඳ නාමයන්ගෙන් වෙළෙඳපලට නිකුත් කර ඇති මෙට්ෆොර්මින් පෙති තොග මේ වන විට වෙළෙඳපෙළෙන් ඉවත් කර ගැනීමට නිෂ්පාදකයින් විසින් පියවර ගෙන තිබේ.
සිංගප්පුරුවේ භාවිතා වන මෙට්ෆොර්මින් පෙති වර්ග 46 න් වර්ග 03 ක්ම ඒවායේ පිළිකාවන්ට හේතු වන රසායන ද්‍රව්‍යයක් සේ සැළකෙන ‘එන් ඞී එම් ඒ’ රසායනය අඩංගු බව හඳුනාගැනීම නිසා වෙළෙඳපළෙන් ඉවත් කර ගැනීමට නිෂ්පාදකයින් විසින් පියවර ගෙන තිබේ.
මෙම තත්ත්වය මත ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල් විසින් සිය රටවල දියවැඩියාවෙන් පෙළෙන්නන් සඳහා නිකුත් කර ඇති මෙට්ෆොර්මින් බෙහෙත් පෙති වලද ඉහත කී රසායන ද්‍රව්‍ය අන්තර්ගතව ඇත්දැයි සොයා බැලීම සඳහා මේ වන විට පරීක්ෂණ අරඹා තිබේ. කෙසේ වුවද එක්සත් රාජධානියේ භාවිත වන ‘මෙට්ෆොර්මින්’ බෙහෙත් පෙතිවල මතභේදාත්මක ‘එන් ඞී එම් ඒ’ රසායනය අන්තර්ගතව ඇත්තේ ඉතාමත් සුළු වශයෙන් වීම නිසා එය හානිකර නොවන බැවින් එම බෙහෙත් පෙති දිගටම භාවිත කර ලෙස වෛද්‍යවරු මහජනතාව වෙත දැනුම් දී තිබේ.
යුරෝපා රටවල මෙන්ම යුරෝපා සංගමයට බාහිර රටවලද මෙට්ෆොර්මින් විශාල වශයෙන් භාවිත වීම හේතුවෙන් එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ අධිකාරිය, කැනඩා සෞඛ්‍ය ආයතනය, යුරෝපා වෛද්‍ය අධිකාරිය හා එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය සේවා නිෂ්පාදන නියාමන අධිකාරිය යන ආයතන විසින් දැනටමත් මෙට්ෆොර්මින් බෙහෙත් පෙති වෙළෙඳපළෙන් ඉවත් කළ යුතුද යන්න පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් සිටිති.
මෙට්ෆොර්මින් පෙතිවල අඩංගු බවට සැක කෙරෙන එන් ඞී එම් ඒ රසායනය පළිබෝධනාශක. ක්ලෝරීන් හා කාර්මික නිෂ්පාදනයේ අතුරුඵලයකි. මෙයට පෙර ඇමරිකාවේ මෙන්ම එක්සත් රාජධානියේ භාවිත වන පපුවේ දැවිල්ල හා ජීරණ පද්ධතිය ආශ‍්‍රිත රෝගවලට භාවිත වන ජනප‍්‍රිය බෙහෙත් වර්ග කිහිපයක්ද මෙම පිළිකා රසායන බිය හේතුවෙන් වෙළෙඳපළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.
ඒමන්ති මාරඹේ (‘ඬේලි මේල්’ පුවත්පත ඇසුරිනි.)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...