දේශීය පුවත්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියෙහි ගැටී වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ ඔත්පලව පසුවන සන්දීප් නමැති තරුණයා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ එම රිය අනතුර සරල අනතුරක් බවත් තමන් එම අනතුරට තමන් වරදකරු නොවන බවත්ය.

කෙසේ නමුත් පාඨලී චම්පික මහතා මෙම අනතුර පිළිබඳ මාධ්‍යයට කර තිබූ ප‍්‍රකාශ අනුව එය ඔහුට සරල අනතුරක් වුවද තම පවුලට එය සරල නොවන බවයි සන්දීප්ගේ පියා ප්‍රකාශ කරන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සන්දීප්ගේ පියා වන දයානන්ද ගුණවර්ධන මෙලෙස අදහස් දැක්වූවා.

2016 වසරේ පෙබරවාරි මාසයේ 28 දා රාති‍්‍රයේ මගේ පුතා යතුරුපැදියෙන් එද්දී රාජගිරියේදී මෙම ජීප් රියේ හැපුනා. පරීක්‍ෂණවලදී කියවුණේ ඒ මොහොතේ පාඨලී මහතා ජීප් රියේ ගමන් නොකළ බවයි. ඔහු එම ජීප් රියේ හිටියාද නැද්ද නෙමේ අපේ ප‍්‍රශ්නය. ඔහුගේ ජීප් රියේ යම්කිසි කෙනෙක් හැපුණා නම් ඒ පුද්ගලයාගේ සුවදුක් බැලීම වාහනයේ අයිතිකරුගේ මානුෂික ප‍්‍රශ්නයක්.

දැන් ඔහු මාධ්‍යයට කියනවා මේක සරල අනතුරක් කියලා. එයාට සරල අනතුරක් වෙන්න පුළුවන්. ඒත් අපට එහෙම හිතන්න බැහැ. පුතාව ගොඩගන්න අපි අපේ සේසතම වියදම් කළා. දැන් අපි අන්ත අසරණයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More