ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ සිද්ධිය සහ සුදු වෑන් රියදුරන් දෙදෙනාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් රහස් පොලිසිය අද හෙටම ප්‍රශ්න කිරීමට නියමිත බව රහස් පොලිස් ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇයගේ කරට පිස්තෝලයක් දමා බිය ගැන්වූ බව රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඊට අමතරව රියදුරන් දෙදෙනකු සමග මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සුදු වෑන් මගින් මිනිසුන් පැහැරගෙන ගොස් රාජපක්ෂ ආණ්ඩුව සමයේදී මොණරාගල ප්‍රදේශයේ වැවක කිඹුලන්ට කෑමට ලබාදුන් බවද එම රියදුරන් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා සමග පැවති මාධ්‍ය හමුවකදීය.
මෙම ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාගේ වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙසට සංවිධාන කිහිපයක්ම රහස් පොලිය සියයට මේ වනවිට පැමිණිලි සිදුකර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...