දේශීය පුවත්

රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත.

අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් තම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි.

සුළු සේවක, කම්කරු, කාර්යාල සහායක සහ මුරකරු යන රැකියා සුළු සේවක කාර්ය මණ්ඩලවලට අයත් විය. එම බඳවා ගැනීම් කිසිදු පාලනයකින් තොරව සිදුවන බව අනාවරණය වී තිබේ.

ඉදිරියේදී එවැනි බඳවා ගැනීම්, විශේෂයෙන්ම සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා බඳවා ගැනීම් කරන්නේ නම් එසේ කළ යුත්තේ මහ භාණ්ඩාගාරයේ උපදෙස් මත යැයි මුදල් අමාත්‍යාංශය සියලු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවලට උපදෙස් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට අදාළ උපදෙස් දී ඇති බව ද මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. බඳවා ගැනීම් සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් එම අවශ්‍යතාව මහ භාණ්ඩාගාරයට දැනුම් දිය යුතු බව ද ඔවුන්ට දැනුම් දී ඇත.

රාජ්‍ය ආයතනවල අතිරේක සේවකයන් අඩු කිරීමත් රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල වෙනුවෙන් කරන වියදම් අඩු කිරීමත් මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ වී ඇතැයි ද එම නිලධාරියා කීවේය.

එමෙන්ම යෝජිත ක්‍රමවේදයට අනුව බඳවා ගැනීම් සිදු වන්නේ ද නැද්ද යන්න සොයා බැලීම සඳහා මහ භාණ්ඩාගාරය ද නිරීක්ෂණ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද ඔහු පැවැසීය.

“මෙම ක්‍රමවේදය මඟින් සමානව රැකියා බඳවා ගැනීම සිදු කෙරෙනවා. මේ ක්‍රමය තුළින් එක් ඡන්ද කොට්ඨාසයකට හෝ දිස්ත්‍රික්කයට හෝ රැකියා බෙදී යෑම සිදුවෙන්නේ නැහැ.” යැයි ද හෙතෙම කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නියෝගය දී ඇති අතර හෙතෙම පසුගිය සතියේදී ‘බහුකාර්ය සංවර්ධන කාර්ය බළකායක්’ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇත. තෝරාගත් පිරිස්වලට විවිධ ක්ෂේත්‍රවල ඊට ගැළැපෙන පුහුණුව ලබාදෙමින් රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.

කැබිනට් පත්‍රිකාවට අනුව කාර්ය බළකාය යටතේ 1,30,000කට ආසන්න පිරිසක් පුහුණුව ලැබීමට නියමිත අතර මාස හයකට පසුව ඔවුන්ව සේවයට බඳවා ගැනීමට නියමිතය. මෙම පිරිස තෝරාගනු ලබන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා හෝ අට වසර හෝ දක්වා ඉගෙන ගත් අයගෙන් බව ද පැවැසේ.

මෙම බහුකාර්ය සංවර්ධන කාර්ය බළකාය ලබන ජනවාරි 15 වැනිදා වෙනමම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතය.

පොදු කාර්ය නඩත්තු කිරීම, පාසල්වලට සහාය දීම, රෝහල්වල කටයුතු පවත්වාගෙන යෑමට සහාය වීම, ගම්වැසියන් වනජීවී තර්ජනවලින් ආරක්ෂා කරගැනීම, ආරක්ෂක අංශවල සහ පොලිසිවල කටයුතුවලට සහාය වීම යනාදී කටයුතු සඳහා පුහුණු කරන මෙම සේවකයන් යෙදවීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More