විදේශ පුවත්

අමෙරිකා එක්සත් ජනපදය තව දුරටත් තුර්කියට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරන්නේ නම් නේටෝ හමුදාව සහ අමෙරිකානු හමුදාව භාවිතා කරනු ලබන තුර්කියේ පිහිටි ඉන්සිලික් ගුවන් හමුදා කඳවුර වසා දැමීමට තමා කිසිසේත් නොපැකිලෙන බව තුර්කි ජනාධිපති තයිප් එඩොර්ගන් මහතා අවධාරණය කර සිටී.

පසුගියදා එරට රූපවාහිනී චැනලයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ගුවන් හමුදා කඳවුර පමණක් නොව තුර්කියේ අඩනා ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කර්සෙක් රේඩාර් මධ්‍යස්ථානයද වසා දැමීමට තුර්කිය කටයුතු කරනු ඇති බවයි. කර්සෙක් රේඩාර් මධ්‍යස්ථානය අමෙරිකාව විසින් නිර්මාණය කරනු ලැබූ නෙටෝ බැලස්ටික් මිසයිල් ආරක්ෂන පද්ධතියේ ප්‍රධානතම කාර්ය භාරයක් සිදුකරන මධ්‍යස්ථානයකි.

තුර්කි ජනාධිපතිවරයා මෙලෙස තර්ජනය කිරීමට කටයුතු කරනු ලැබුවේ පසුගියදා අමෙරිකානු සෙනෙට් සභාවේදී සම්මත කරනු ලැබූ තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යා විසින් 20වන සියවසයේදී ආමේනියන් ජාතිකයන් මිලියන 1.5ක් මරාදමමින් මහා ජනසංහාරයක් කළ බවට වන යෝජනාව සහ එයට සමාන්තරව අමෙරිකාව අවශ්‍යනම් හමුදා බලය තුර්කියට එරෙහිව යෙදවීමට කටයුතු කිරීමට නොපැකිලෙන බවට අමෙරිකාව කරනු ලැබූ තර්ජනයට ප්‍රතිචාර දක්වමිනි.
දේශපාලන විශ්ලේශකයන්ට අනුව අමෙරිකාව තුර්කියට එරෙහිව මෙලෙස සම්බාධක පැනවීමට කටයුතු කරනු ලබන්නේ කුර්දි සන්නද්ධ කන්ඩායම් මර්ධනය කිරීමට තුර්කිය එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව අමෙරිකාවේ ප්‍රතිචාර නොසලකා හැරීම මෙන්ම රුසියාවේ නිෂ්පාදිත එස්-400 ගුවන් ආරක්ශන පද්ධතිය මිලට ගැනීමේදි එල්ල වූ අමෙරිකානු විරෝධය නොසලකා හැරීමයි.

ජීවන්ත ජයතිස්ස

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති තයිප් එඩොර්ගන් එන්ගලන්ත නුවර පැවැති නේටෝ වාර්ෂික සමුළුව අතර තුර ( 4.12.2019)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More