උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (15) පැමිණිලි 02 ක් ඉදිරිපත් කර තිබේ. ඒ, නව සිංහලේ ජාතික ව්‍යාපාරය විසිනි.
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වනු ලබන්නේ ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් විසින් ගොතන ලද ප්‍රබන්ධයකට අනුව මිස යථා මූලාශ්‍රවලින් තොරව බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ඊයේ (14) ප්‍රකාශ කර තිබුණි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුණේ මෙරට කිසිදු පුද්ගලයෙකුට හෝ දේශපාලනඥයෙකුට ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හැදින්වීමට කිසිදු ඉඩක් නොමැති බවය. භික්ෂූන් වහන්සේ විසින් පාලි භාෂාවෙන් රචනා කර ඇති ඉතිහාසය ගැන කියැවෙන බොහෝ ග්‍රන්ථ තුළ සාවද්‍ය කරුණු ඇතුළත් කර තිබීමෙන් රටේ ජනතාව ද වැරදි අදහස් හා ආකල්ප වලින් යුතුව ජීවත් වන බව ද උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසා තිබේ.
උතුරු නැගෙනහිර පළාත් වල අතීතයේදී කිසිදු සිංහල වැසියෙකු ජීවත් වී නොමැති බවත් එම ප්‍රදේශ දෙමළ වැසියන්ගේ නිජබිමක් පමණක් බවත් ඔහු අවධාරණය කර තිබුණි. කෙසේ වෙතත්, පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරමින් නව සිංහලේ ජාතික ව්‍යාපාරය පවසන්නේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ජාතීන් අතර අසමගිය ඇති කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...