දේශීය පුවත්

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි සිදුකිරීමේ සිද්ධියට සහ වනාතවිල්ලූවේදී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සඟවාගෙන සිටි සිද්ධියට අදාළ සැකකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ක්‍රියා කළ බව කෑගල්ල ප්‍රදේශයේ බාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කරයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරන්නේ සැකකරුවන් නීතිය හමුවට භාර දෙන බවට ප්‍රකාශ කරමින් අසාත් සාලි මහතා එම සැකකරුවන් රැකීමට ක්‍රියා කළ බවයි. මේ නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නිසි වේලාවට නොහැකි වූ බවද එම නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහාය ලබා ගනිමින් මෙම සැකකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More