දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව ගොඩනැෙඟන පෙරමුණ කුමක් වුවත් පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවට බහුතරයකගේ මතය වී ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ පිළිබඳව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් ඇතුළු ඊට සම්බන්ධ සියලූ දේශපාලන පක්‍ෂ නායකයන් සමග සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

අලූත් ලකුණක් හඳුන්වා දෙනවාට වඩා මේ වන විට ජනපි‍්‍රයම ලකුණ බවට පත්ව ඇති පොහොට්ටුව යන කාරණයත් ජනාධිපතිවරණයේදී ඇතිකරගත් සමගිය යන කරුණු දෙක සැලකිල්ලට ගෙන අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුත්තේ පුටුව ලකුණින් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් හා කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ජනාධිපතිවරණයට පෙර ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධාන ව්‍යවස්ථාවේද සඳහන් කර ඇත්තේ පුටුව ලකුණින් තරග කළ යුතු බවට යැයි මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් පසු පවත්වන සෑම මැතිවරණයක්ම ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කළ යුතු බවට පක්‍ෂ 17 ක එකතුවකින් යුතුව එම සන්ධාන ගිවිසුම අත්සන් කළ බවත් කී මහලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමගද ගිවිසුමක් අත්සන් කර ඇතැයිද කීවේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සභාපති හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සමග පක්‍ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී ද පුටුව ලකුණින් තරග කළ යුතු බවට ඒකමතිකව තීරණය කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය.

මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සඳහා සන්ධානයේ සියලූ පක්‍ෂවල සහයෝගයෙන් පුටුව ලකුණින් තරග කළ යුතු බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More