දේශීය පුවත්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව ලබාගෙන ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත්කර ගැනීමට රජය තීරණය කර තිබේ.

එහි පළමු පියවර ලෙස පසුගිය අඟහරුවාදා (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න එම රතු වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්  ඉල්ලීමක් කළේය.

උදයංග වීරතුංග යනු වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමීපතම ඥාති සහෝදරයකු නිසා පසුගිය යහපාලන රජය ඔහුගෙන් දේශපාලනිකව පළිගැනීම සඳහා මෙම රතු වරෙන්තුව ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කරුණු දක්වා තිබු නමුත් මහේස්ත්‍රාත්වරයා විසින් එදිනඑම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබිය.

කෙසේවෙතත් ඉදිරියේදී මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තා අනුව අවසානයේ එම රතු වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණයට සිදුවනු ඇති බව නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව සමයේදී අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උදයංග වීරතුංගට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබාගත්තේ, කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඔහු අධිකරණය මඟහරිමින් රටින් පළාගොස් සිටීම නිසාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More