දේශීය පුවත්

විපක්ෂ නායක ධුරයට අමතරව ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයද සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුවේ නිර්දේශ සමග සජිත් පේ‍්‍රමදාස මහතාට මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය දියයුතු බවට වන යෝජනාවද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මේ සතියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුනුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුව සඳහා හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, මලික් සමරවික‍්‍රම සහ ආශු මාරසිංහ යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබූ අතර, රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීහු ඉන් ඉවත්වන බව පසුව නිවේදනය කළහ.

පක්ෂයට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ අදහස් ගෙන පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය පිළිබඳ අංගසම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More