දේශීය පුවත්

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය කටඋත්තර ලබා ගැනීම සඳහා කොටුවේ රහස් පොලිස් මූලස්ථානය වෙත ගෙන එන අවස්ථාවේ ඒ අසල රැඳී සිටි සුදර්ශන් හෙවත් සුදර්ශන් ගුණවර්ධන කවුද සහ ඔහු එහි රැඳී සිටියේ මන්ද යන්න ගැන ජනතාවට දැඩි සැකයක් මතුවී ඇත.

මොහු යහපාලන රජය සමයේ ගුවන්විදුලි සංස්ථා සභාපති විය. පසුව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂක ලෙසද කටයුතු කළේය.

ඊටත් පෙර ඔහුගේ ක‍්‍රියාකලාපය විමර්ශනය කළ යුතුය. රයිට්ස් නව් නමැති එන්.ජී. ඕ. සංවිධානයේ ප‍්‍රධානියා විය. 2015 සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් සමුළුව යටතේ ඔහු තවත් එන්.ජී. ඕ. ක‍්‍රියාකාරිනියක් වූ නිමල්කා ප‍්‍රනාන්දු සමග මානව හිමිකම් කවුන්සිලයේ අවන්හලේ සැරිසරන අයුරු අපට දැකගත හැකි විය.

එම වසරේ සැප්තැම්බර් 28 දා මානව හිමිකම් කවුන්සිලයේ පැවැති සමාන්තර රැස්වීමකදී මානව හිමිකම් වාර්තාව ගැන සිවිල් සමාජයේ ප‍්‍රතිචාරය මැයෙන් පැවැති සම්මන්ත‍්‍රණයට ඔහු ද ඇතුළත් විය.

මේ සම්මන්ත‍්‍රණය මෙහෙය වූයේ කොටි හිතවාදීන්ගේ සම්මන්ත‍්‍රණ මෙහෙයවන ඬේවිඞ් මෙංගලියි.

මෙහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ වාර්තාව ගැන කරුණු දක්වමින් සුදර්ශන් නමැත්තා පැවසුවේ එය දිගු කලක් තිස්සේ ක‍්‍රියාත්මක වූ සාමූහික ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් බවයි.

ඉන්පසු මෙරට මානව හිමිකම් කොමිසම විසින් වධහිංසා පැමිණවීමට අදාළ පරීක්‍ෂණය කල්දැමීමට විරෝධය දක්වමින් ඔහු එම කොමිසම වෙත ලිපියක් යවනු ලැබීය.

අගමැතිව සිටි රනිල් වික‍්‍රමසිංහ යටතේ සංවර්ධන සන්නිවේදන ඒකකයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ සුදර්ශන ගුණවර්ධන 2014 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත කරුණු ඉදිරිපත් කරමින් මානව හිමිකම් ආරක්‍ෂකයන් අත්අඩංගුවට ගැනීමට රජය ක‍්‍රියාකරන බවත් සිවිල් සංවිධාන රැස්වීම කඩාකප්පල් කිරීමට භික්ෂුන් ප‍්‍රමුඛ කලහකාරීන් ක‍්‍රියාකර ඇති බවත් කියා සිටියේය.

2015 වසරේ සැප්තැම්බර් මස අප ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිටින විට විදේශ ඇමැති මංගල සමරවීර ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව පිළිගනිමින් ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය ලබා දීමට එකග විය.

සුදර්ශන ගුණවර්ධන, නිමල්කා ප‍්‍රනාන්දු, තිරාන් ඇන්කටල් මානව හිමිකම් කවුන්සිලය තුළ පැවැති සමාන්තර රැස්වීමට සහභාගි වූයේ මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට චෝදනා නගමින් ඉදිරිපත් කළ වාර්තාවට එරෙහිව නොව ඊට සුදුහුණු ගෑමටය.

මෙම සමාන්තර රැස්වීමට කොටි හිතවාදීන් රැසක්ද සහභාගි වූ බව අපි සියැසින් දුටුවෙමු.

 

මෙම පිරිසට ජිනීවා නුවරට යෑම සඳහා වීසා ලබා ගැනීමේ දුෂ්කරතා නොවුණි. රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉතාලිය හරහා පැමිණි අතර මෙම එන්.ජී. ඕ. කල්ලිය සෘජුවම ජිනීවා පැමිණියහ.

එසේම කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරියා කවුද?

ඒ ඉන්පෝම් නමින් රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙයවන නිමල්කා ප‍්‍රනාන්දු නමැත්තියගේ පුත‍්‍රයායි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෑමට හිටපු හමුදා නිලධාරියකු වූ රත්නප‍්‍රියට වීසා පවා නොලැබුණේ මේ පදනම මතය.

මෙවන් පසුබිමක් මැද සුදර්ශන ගුණවර්ධන දින කීපයකට පසු රහස් පොලිස් කාර්යාලය වෙත පැමිණියේ පැහැරගෙන ගිය බව කියන කාන්තාවක වූ ගානියා ප‍්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටීමටද?

ඇගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව කිව හැකිද?

යහපාලන රජය බලයට පත්වීමත් සමග නොකඩවා රජයේ ඉහළ තනතුරුවලින් පිදුම් ලත් මේ එන්.ජී. ඕ. ක‍්‍රියාකාරීන් රටට සේවයක් කර තිබේද?

වරක් ඔහු හිටපු හමුදාපති මහේෂ් සේනානායක පැවැත්වූ සාදයකට ද පැමිණ සිටියේය.

හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරනවා නම් ජිනීවා ගිය සුදර්ශන හමුදා සාදයට පැමිණීම ලැජ්ජාසහත ක‍්‍රියාවක් නොවේද?

මේ පසුබිම මැද රජය නිරීක්‍ෂණය කළ යුත්තේ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ සිද්ධිය පසුබිමේ ක‍්‍රියාත්මක වන එන්.ජී. ඕ. ප‍්‍රධානීන් කවුද යන්නය.

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More