වෛද්‍යවරුන් නොමැති වීම නිසා දිවයින පුරා ග්‍රාමීය රෝහල්, ප්‍රාථමික සත්කාර ඒකක 40ක් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා අනාවරණය කරයි.
මෙම රෝහල්වලින් බහුතරය උතුරු නැගෙනහිර පළාත්වල රෝහල්ය. වීරගොඩ, නමුනුකුල, පන්නලවල, පදවි පරාක්‍රම පුර, ගම්මිරිස් වැව, කුන්චිකුලම්, සෙවණපිටිය, සිරිපුර, මීගස්වැව, දිවුලන්කඩවල, කිරිඉබ්බන්වැව, දියබෙදුම ඇතුළු දිවයින පුරා පිහිටි රෝහල් 40ක් මෙලෙස වැසීයාමේ අවදානමට ලක්ව ඇත. මෙම සියලුම රෝහල් පළාත් සභා යටතේ පාලනය වන ඒවාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලබාදීමේදී වෛද්‍යවරුන් මෙම රෝහල්වලට අනුයුක්ත කිරීමට නියමිතය. මේ වනවිට පුහුණුව ලැබූ වෛද්‍යවරුන් 1470ක් පත්වීම් බලාපොරොත්තුවෙන් සිටිති. මෙම වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදුනහොත් මෙම රෝහල් තවදුරටත් පවත්වාගෙන යාහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...