ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ඉදිරිපත් කර ඇති ප්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ධ නොවන බවත් ඒ සඳහා අදාළ ප්‍රධාන මුදලෙන් සියයට 70ක් වෙන්කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එසේම ඇමෙරිකාවෙන් ලැබෙන සෑම දෙයකටම විරුද්ධවීමේ කුහකකමක් හෝ මෝඩ කමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
“එම ගිවිසුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉතාම පැහැදිලියි. අප හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70%ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන් වන්නේ. ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝදයකුත් නැහැ. ‘‘
MCC ගිවිසුමට එදත්, අදත්, හෙටත් විරෝදය පළ කරන බව ප්‍රවීන දේශක තිස්ස ජනනායක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීසියෝවක සරල උදාහරනයක් උපුටා දක්වමින් පවසන්නේ මෙවැනි අදහසකි.
සම්පූර්ණ වීඩියෝව පහතින් (වීඩියෝව උපුටා ගැනීම තිස්ස ජනනායක යූ ටියුබ් පිටුවෙනි)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...