ප‍්‍රධාන පුවත්

යුරෝපා සංගමයේ රටවල් සම්බාධක සහ අනෙකුත් සීමා කිරීම් සම්බන්ධව ද්විත්ව රංගනයක යෙදෙන බවත් මානව හිමිකම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුළ ඇත්තේ එකිනෙකට වෙනත් අදහස් බවත් ” rt.com” වෙබ් පුවත් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් හන්ගේරියානු විදේශ ඇමති පීටර් සිසිජ්ජාට්‍රෝ මහතා පවසා සිටියේය.

“බුඩාපේස්ට් පාලනය සැමවිටම මානව හිමිකම් ඉහලින් ඔසවා තැබීමට වෙහෙසෙනවා. නමුත් අවාසනාවකට සමහර අවස්ථාවලදී සමහර දේශපාලන අභිලාශයන් ඉටු කර ගැනීම වෙනුවෙන් යොදා ගන්නා අවස්ථා තිබෙනවා.” යැයි විදේශ ඇමති පීටර් සිසිජ්ජාට්‍රෝ මහතා පවසා සිටියේය.

මානව හිමිකම් යනු මොනවාදැයි යන්න පවා වාද විවාද සහිත මාතෘකාවක් බවට පත් වන අවස්තා පැන නගින බව සිසිජ්ජාට්‍රෝ මහතා පෙන්වා දුන්නේය.මානව සංක්‍රමනය විශාල අභියෝගයක් ලෙස ලෝකය හමුවේ ගොඩ නැගෙන බව පවසන සිසිජ්ජාට්‍රෝ මහතා යුරෝපා සංගමයේ අනෙකුත් රටවල් එකඟ වන “මානව සංක්‍රමනය”මූලික මානව අයිතිවාසිකමක්ය යන්න තමා පිළිනොගන්නා බවත් අවධාරණය කරනු ලැබීය. “මූලික මිනිස් අයිතිවාසිකමක් විය යුත්තේ තමන්ගේ රට තුළ සුරක්ෂිත ජීවිතයකට උරුමකම් කීමට ඇති අයිතියයි.එය කඩවන්නේ නම් සියලු දෙනාටම සුරක්ෂිත රටකට යෑමට අයිතිය තිබෙනවා.”ය‍යි සිසිජ්ජාට්‍රෝ මහතා අවධාරණය කරනු ලැබීය.
සිසිජ්ජාට්‍රෝ මහතා පවසා සිටියේ ඉහත කාරනා සැලකිල්ලට ගෙන මානව හිමිකම් පිළිබඳ දැවැන්ත සංවාදයක් ලෝක පරිමානයෙන් ගොඩනැගිය යුතු බවයි. ලිබරල් අදහස් කරපින්නා ගත් සමහර විදේශ ඇමතිවරු ක්‍රිස්තියානි ජනකොටස් වල ආරක්ෂාව සම්බන්ධ මාතෘකාව සාකච්ඡාවට ගත යුතු යැයි තමා පවසන සෑම විටම තමන්ව හෙලා දැකීමට කටයුතු කරන බව පෙන්වා දුන්නේය. “අන්නෝන්‍ය අවබෝධය” සහ “සාමාන්‍ය දැනීම” මෙවැනි මාතෘකා සම්බන්ධව සාකච්ඡා කරන විට යුරෝපා සංගමයේ සාමාජිකයන් සැලකිල්ලට ගතයුතු බව සිසිජ්ජාට්‍රෝ මහතා දැඩිව අවධාරණය කළේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More